• put your amazing slogan here!

    සියලු සත්ත්වයෝ මරණයට බිය වෙති....



    දෙයියන්ගෙ නාමෙන් අමානුෂික ගව ඝාතනය නවතනු!ඔබට මතකද අහංගම ආනන්ද නායක හාමුදුරුවන් ඉදිරියේදී දණින් නැමී වැඳ වැටෙන මරණයෙන් ගැලවුණු එළදෙන....? ඒ එළදෙන නිදහස් කිරීම සඳහා ආනන්ද හිමියන්ට අනුග්රණහ දැක්වූයේ නාවල ප්රකදේශයේ එක්තරා දායක පවුලක්. දරුවන් තිදෙනෙකුලෙන් යුත් ඒ පවුලේ අම්මා දරුණු රෝගයක
    ින් අසාධ්යැ තත්ත්වයට පත්වෙලා මරණාසන්න වෙලයි හිටියේ. ආනන්ද හාමුදුරුවන් සමඟ ලහි ලහියේ එක්වුණු ඒ පවුලේ පිරිස ඉක්මනින් මරණයට කැපවුණු කිරි අම්මා කෙනෙක් නිදහස් කළා... අමානුෂිකත්වය ඉදිරියේ මරණ බියෙන් තැවෙමින් සිටි ඒ කිරි අම්මා අභය දානය ලබා දණින් වැටෙද්දී, මරණාසන්නව සිටි ඒ මෑණියනුත් ඉක්මන් සුවය ලැබුවා... බලන්න උත්තම වූ මනුෂ්යණ ධර්ම පූරණ කරන මිනිසුන්ට දෙවියන් පවා ආශිර්වාද කරන හැටි. මේ මරණයෙන් ගලවා ගත් එළදෙන වසර තුනකට පසුව අහංගම ආනන්ද හාමුදුරුවන්ට යළිත් හොරණදී හමු වුණා. ඒ මේ වසරේ ජනවාරි පළමුවැනිදා. එදා තමන්ට ජීවිත දානය දුන් ආනන්ද හිමියන්ගේ සිවුරේ ගුණ සුවඳ හඳුනා ගත් කෙළෙහිගුණ දත් මේ එළදෙන උන්වහන්සේ අභියසට ඇවිත් සෙනෙහස පුදන හැටි බලන්න. දැන් එයත් දරුවන් තුන් දෙනෙකුගේ මවක්. ඒ කිරි අම්මලා දෙන්නාම දැන් සුවෙන් කල් ගෙවනවා... අපි මේ පණිවිඩය සුවහසක් ජනතාව අතරට ගෙනියමු. මනස අපරමිතව වඩන්න. මෙත් සිත පතුරුවන්න.

    සබ්බේ තසන්ති දණ්ඩස්ස

    සබ්බේ හායන්ති මච්චුනො
    අත්තානං උපමං කත්වා
    න හන්යෙන න ඝාතයෙ

    සියලු සත්වයෝ දඬුවමට බිය වෙති;

    සියලු සත්ත්වයෝ මරණයට බිය වෙති;
    එහෙයින්, තමා උපමා කොට කිසිඳු සත්ත්වයෙකුට හිංසා පීඩා නොකරමු.
    උත්තම වූ නිර්මල සද්ධර්මය කා වැද්දීමෙන් මිනිස් හදවත් පාරිශුද්ධත්වයට පත් කරමු.


    මිනිසා තමාවම පෝෂණය කරනු ලබන කිරි අම්මාවරු වන් අසරණ ගවයින්, එළදෙනුන් මරා කුස පුරවා ගන්නට තීරණය කළ දා පටන් සුව කළ නොහැති, පරම්මපරාගත රෝග ව්යාගධි වසංගත අනූ අටක උප්පත්තිය සිදු විය. උත්තරීතර මනුෂ්ය ත්වයේ නාමයෙන් අසරණ සතුන් මරා මස් පිණිස නොගන්නට තරයේ අදිටන් කරගනිමු. උතුම් මනුෂ්ය ගුණ දම් පූරණය කරමු. තථාගත සද්ධර්මාලෝකය දසත පැතිරී සියල් සිත් නිවී සැනැහේවා...! අපි සියල්ලෝම මෙසේ පතමු.



    දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා...

    බියෙන් වෙසෙන සත් බියෙන් මිදෙත්වා...
    සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා....
    නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා...
     
     
    කතෘ-මනෝරම වීරසිංහ

    0 comments:

    Post a Comment

     

    Meet The Author

    Connect With Us

    See all posts

    Label 4

    Sed facilisis ultricies puru

    Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit lobortis nisl ut aliquip ex ea commodo consequat. Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse mo...

    Read More »
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Aliquam a nulla sapien. Sed facilisis ultricies purus, sed dapibus eros auctor ...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...

    Experience

    Recomended

    About Me

    Instructions