• put your amazing slogan here!

    ඔලිම්පික් හමාර දේශනාව (අවසාන කොටස)



    තුන්වැනි ජෝර්ජ් රජ්ජුරැවන්ගේ රාජ්‍ය ප්‍රාප්තියයි, එයාගෙ පුතා හතරවැනි විලියොං රජතුමාගේ රාජ්‍ය ප්‍රාප්තියයි අතර කෙටි කාලයේ ඇතුළෙ එංගලන්තයේ සමාජ, දේශපාලන හා ආර්ථික මුහුණුවර වෙනස් වුණා. ඒක තමා 1760 පස්සෙ වුණු කාර්මික විප්ලවය! එංගලන්තෙ කර්මාන්ත දියුණු වුණා..ඒ දියුණුවට විද්‍යාව යොදාගත්තා.. ප්‍රාග්ධනය පුළුල් ව සියුම් විදියට භාවිත වුණා. ග්‍රාමීය සමාජය නාගරික වුණා. නව සමාජ පංති ඇතිවුණා.. ඔය සේරම බොයිල් මහත්තයා නිර්මාණශීලීව ආරම්භක උත්සවයෙදි ගෙනහැර දැක්කුවා..ඒක අතිශයින් දේශපාලනිකයි..

    මුලින් පිට්ටනිය පුරා ලස්සන තෘණ භූමි වල ග්‍රාමීය ජන ජීවිතය.. සුන්දරත්වයෙන් මවල පෙන්නුවා පොත්වල තියෙන විදියටම...ඊට පස්සේ ග්‍රාමීය සමාජය නියෝජනය කරපු මහා ඕක් ගස ගැලවිලා අහසට යනවා. ඒක යටින් තමයි ශ්‍රමය සූරා කෑමට ලක්වෙන වැඩකරන පංතියෙ ජනතාව එළියට එන්නෙ.. අනේක් පැත්තෙන් වැඩකරන පංතිය සූරාගෙන කන ධනපතියො එනවා.. මාක්ස් කියන විදියට ධනපති පංතිය ආධිපත්‍ය ලැබූ හැම තැනම පරමාදර්ශී සම්බන්ධකම් විනාශ කරනවා. මිනිසුන් අතර නග්න ස්වාර්ථකාමයයි..අනුකම්පා විරහිතව මුදල් ඉපයීමයි හැර අනෙක් සියලු සම්බන්ධකම් නැතිකරනවා.. ඔලිම්පික් ඇතුලේ ඒ සේරම පෙන්නුවා!


    කම්කරැ පංතිය ගැන, කාන්තාවන්ට සර්වජන ඡන්ද බලය ලැබීම ගැන, එතකොට අර කාර්මික විප්ලවය කාලෙ පැරැණි දේවස්ථාන දේවැනි කරගෙන කර්මාන්තශාලා වල දුම්බට පෙන්නපු හැටි? කම්කරැවාගේ ශ්‍රමයෙන් තමයි පිට්ටනියෙ දුම්බට ඉහළට යන්නෙ..ධනපති පංතිය කම්කරැ පන්තිය හූරගෙන කනහැටි සංකේතාත්මකව පෙන්නුවා....


    බ්‍රිතාන්‍ය විශිෂ්ට සෞඛ්‍ය සේවය පෙන්නුව හැටි? අපේ පෙන්නුවනං?? එක ඇදේ කට කපල ලෙඩ්ඩු දෙකයි. තව උන් ඇද යට කෙදිරි ගානවා! බේත් ගන්න පෝලිම....දොස්තරලා වර්ජනයේ..සිවුරක් දාගෙන හාමුදුරැවෙක් හෙදියන්ව ෆෝම් කරනවා.. උනුත් වර්ජනයේ..ලෙඩ්ඩු මැරෙනවා..ඩෙංගු හැම තැනම! බේත් සල්ලි දීලා පිටින් ගේනවා..ඇටෙන්ඩෙන්ලා ලෙඩ්ඩුන්ට හරකුන්ට වගේ කෑ ගහනවා.. නොමිලෙ දුන්නට ආත්ම ගෞරවයක් ඇතුව බේත් ගන්න ලංකාවේ බැහැ!


    මිස්ටර් බීන් සිම්ෆනි එකක් ඇතුලේ දාපු කොමඩිය අපිට අදාළ කරගත්තොත්..කේමදාසගේ පිරිනිවන් මංගල්ලෙ ඔපෙරාව අස්සෙ ටෙනිසන් කුරේ ජෝක් දැම්මා වගේ! අපිට එවැන් උත්ප්‍රාසයක් ගැන හිතන්නවත් බැහැ.. බොරැ අභිමානයකින් පුම්බගත්තු කොට් ඇදගත්තු මහත්හොරැ රැළක් හා සරඹ සංදර්ශන සමගින් හමුදා පෙළපාළියකට වඩා දෙයක් අපිට කරගන්නබැහැ!


    ජනප්‍රිය සංස්කෘතියෙ බලපෑම මුල්කරගෙන පෙන්නුව රෑපවාහිනී වැඩසටහන් එක්ක...තාක්ෂණ දියුණුවත් සමග මානව සම්බන්ධතා වෙනස් වුණු හැටි පෙන්නුවා.. අම්මයි පුතයි කාර් එකෙන් බැහැලා පුතාව දාලා ගේ ඇතුළට යනවා.. පුතා ඉන්නෙ තාක්ෂණය එක්ක. අම්මා පුතාව ගෙට ගනිද්දි ගේ ගැළවිලා අහසට යනවා.. තවදුරටත් බිත්තිවලින් කොටුවුණු ගෙයක් නැහැ..ගේ උඩ යද්දි උඩ ඉන්නවා ටිම් බර්නර්ස් ලී! අන්තර්ජාලයේ පියා!! එතන පෙන්නනව සියලු මානව සම්බන්ධතා විපලවීය වෙනසකට ලක්වෙන හැටි..


    මෙතෙක් කල් නොකර විදියට රැජින පැරචුට් එකකින් පන්නන්න තරම් අධ්‍යක්ෂවරයා නිර්භීත වෙනවා.. ලංකාවේ එහෙම දෙයක් හිතන්නවත් බැහැ.! ගෞරවයට හානිවෙයි කියල..පුහු ආටෝපෙ විතරයි.


    නිලූක කරැණනායකව නරඹන්න 7 දෙනෙක් යනවා! ඒ අය කන්නෙ ජනතාවගෙ සල්ලි..නමුත් ඔහු වෙනුවෙන් පුහුණුකරැවෙක් ගෙනියන්නෑ.. හරියට සත්තු 7 දෙනෙක් සර්කස් එකකට ගෙනියනව වගේ.. උන්ව ලෝකෙට පෙන්නල කූඩුවට දාගෙන එන්න 30ක් යනවා!


    මේ අපේ රටයි...එය සංවර්ධනය කරමු!! - බයිරහා චිකන්!





    කතෘ-මනෝරම වීරසිංහ

    0 comments:

    Post a Comment

     

    Meet The Author

    Connect With Us

    See all posts

    Label 4

    Sed facilisis ultricies puru

    Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit lobortis nisl ut aliquip ex ea commodo consequat. Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse mo...

    Read More »
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Aliquam a nulla sapien. Sed facilisis ultricies purus, sed dapibus eros auctor ...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...

    Experience

    Recomended

    About Me

    Instructions