• put your amazing slogan here!

    හම්පඩ චිත්‍රපට වල ලාංකීය සලකුණ



    උදාර පල්ලියගුරැගේ මහතා කුළුදුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. එය ‘‘සුපර් සික්ස්‘‘ නම් වේ! ඇත්තටම ඔහු එය අධ්‍යක්ෂණය නොකර, සංදේශ්කුමාර්ගේ ලක්ෂ 995හේම බොම්බයි මොටයි වික්කා නම් එය ඉතා වැදගත් වන්නට තිබිණි.

    නැටුම් හා සටන් ප්‍රධාන අධ්‍යක්ෂණය ඉන්දියාවය! ඒවායෙද් ඇත්තේ සුද්දියන්ය. හේතුව ලංකාවේ නටන්න පුලුවන් කෙල්ලන් හිටියත් උන් නටන්නේ එක එක වෙලාවටය. ඒ නිසා එහි කිසිදු අලංකාරයක් නැති නිසා විදේශිකයන් යොදා කදිම නැටුම් ජවනිකා ඉදිරිපත් කොට තිබුණි. චන්නගේ හෝ බුදවත්තයන්ගේ සෝමාරි කෙල්ලන් නැටුවා නම් එය තවත් දේශපාලන විගඩමක කළනැටුමක් සේ වන්නට ඉඩ තිබිණ.

    රගපෑමක් කියා දෙයක් නැත.. පිටපතක් හෝ තිරරචනයක් පේනනවත් නැත. එහෙන් මෙහෙන් කෑලි පුරැද්දා මොකක්දෝ අටමගලයක් අටවා ඇත. තවමත් කථාව මට අවුල්ය. ලෝකෙ වටේ ගොස් සුන්දර ස්ථාන වල නැටුම් ගීත ජවනිකා ඉදිරිපත් කළද මෙය පූර්ව ප්‍රචාරයේදී කියූ තරම් දෙයක් නැත.

    අඩුගානේ සුනෙත් මාලින්ද ලොකුහේවාගේ ‘‘සිංහාවලෝකනයේ‘‘ කතාවක් තිබිණ. ඔහු විසින් කළ ඒ සිනමාත්මක පර්යේෂණයක යම් කියවීමක් තිබුණි. කම්මැලිකමක් නැතුව බලන්නටවත් පුලුවන් විය. අඩුපාඩු තිබුණද එය මෙයට වඩා ගව් ගණනක් ඉදිරියෙනි.

    සටන් සදහා සහායට ටෙඩී විද්‍යාලංකාර මහතා යොදාගෙන ඇත. අපිට රොබින් ප්‍රනාන්දු, සේනක විජේසිංහ, වසන්ත කුමාරවිල වැන්නන්ගෙන් අපූරැ සටන් මිශ්‍රණ බලන්නට තිබුණි! මෙහි හිස් කාඩ්බෝඩ් පෙට්ටි පෙරලෙන්නට දෙන ඉළ ඇදෙන සටන් රැසක් තිබුණි. අඩු තරමින් ‘‘වයර් වර්ක්‘‘ වත් යොදාගෙන නැත! මෙයට සංගීතය සැපයීමට භාතිය සංතුෂ් ප්‍රමාණවත්ය. රංග දසනායක හෝ මහේෂ් දෙනිපිටිය නමට යොදාගෙන ඇත. වැදගත් යමක් කර තිබුණේ රැවන් කොස්තාගේ කැමරාකරණයත් ප්‍රවීන් ජයරත්නගේ විශිෂ්ට සංස්කරණ පෙළහරත්ය.

    රගපෑම් හා කුණුහරැප සහිත ගොන් ජොක් වලට අපිට හිනාගියේය. ඇත්තටම නලුවන්ට හා නිලියන්ට විකටයන් වනවාට වඩා කරන්නට දෙයක් නැත. දුලීකා මාරපන, ගාමිණි හෙට්ටිආරච්චි හා පබෝධා මොනවා හෝ රගපෑවද අනික් උන් නම් සාටර්ය! ක්‍රිකට් ගැන කිව්වද ක්‍රිකට් ගැන මෙහි කිසිදු අන්දමේ ‘‘කියැවීමක්‘‘ නැත! ක්‍රිකට් නෝන්ඩිම කර තිබුණි! එය මහත්වරැන්ගේ ක්‍රීඩාවක් බව අමතක කර තිබිණි. ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ අකලංක ගනේගම ක්‍රිකට් කණ්ඩායමට නොයොදා නටන්නට යොදාගෙන ඇත!

    කොහොම වුණත් ගීත නිලාර් කාසිම්ට නම් නොවටී... නමුත් ගීත හා නැටුම් ජවනිකා ඉතා හොද තත්ත්වයේ තිබිණ. රෑප ඉහළ ප්‍රමිතියක තිබුණි. ශබ්දය ඩී.ටී.එස් කිව්වාට සිටීරියෝ හොදටම ඇතිය. හඩ පාවිච්චි කර ඇත්තේ විකාර වැඩ වලටය!

    අවසාන වශයෙන් කිව හැක්කේ මෙය සද්දෙ හැටියට නැති වැඩක් බවයි. මෙවා ඉන්දියාවෙ පෙන්නුවහොත් හූ කියනු ඇත! කසිකබල් හින්දි චිත්‍රපටයකද මීට වඩා හොද කතා තේමා තිබේ.
    උදාරගේ මීලග සිනමා පටය ‘‘ප්‍රෙව්ගය‘‘ හි වත් පිස්සු කෙලින්නැතුව හොද එකක් හදන්නට ලැබේවායි පතන්නෙමි.. මක්නිසාද යත් එහි විශිෂ්ට නලුවන් කිහිපදෙනෙකු රගපාන නිසාය...ඔවුන්ගෙන් ගුරැහරැකම් ගෙන මීලග එකවත් හරියට හදනු ඇතැයි සිතමු..



    කතෘ-මනෝරම වීරසිංහ

    0 comments:

    Post a Comment

     

    Meet The Author

    Connect With Us

    See all posts

    Label 4

    Sed facilisis ultricies puru

    Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit lobortis nisl ut aliquip ex ea commodo consequat. Duis autem vel eum iriure dolor in hendrerit in vulputate velit esse mo...

    Read More »
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...
    Aliquam a nulla sapien. Sed facilisis ultricies purus, sed dapibus eros auctor ...
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non er...

    Experience

    Recomended

    About Me

    Instructions